Posts

Showing posts from April, 2026

අග රැඳී පිනි

Image
  අග රැඳි පිනි  සග රැඳි ගිනි මග රැඳි මෙනි රග රැඳි මුනි ~ සෙත්මිණ වීරසේකර ~

තුන්වෙනි ලෝක යුද්ධය හා ශ්‍රී ලංකාව

Image
තුන්වෙනි ලෝක යුද්ධය හා ශ්‍රී ලංකාව ඉරාන - ඊශ්‍රයිල සහ ඇමරිකානු යුද්ධය ආරම්භ වීම එක්ක තෙවැනි ලෝක යුද්ධයක් ගැන කතා බහක් ලෝකය පුරා මේ වෙද්දිත් ඇතිවෙලා තියෙනවා. නමුත් මේ යුද්ධය තෙවැනි ලෝක යුද්ධය වෙනවා වෙනුවට සිද්දි දාමයක මුල් පුරුක ලෙස හඳුන්වන්න පුළුවන්. ඉරාන යුද්ධය සහ යුක්‍රේන යුද්ධය අවසන් නොවී බොහෝ කාලයක් ඇදෙන ඒවා බව මේ වන විටත් පැහැදිලි ය. ඉරානය සහ යුක්‍රේන යුද්ධය බොහෝ කාලයක් පවතිද්දී ඇමරිකාව නේටෝ රටවල් සහ ඊශ්‍රායලය ආර්ථිකමය වශයෙන් දියාරු වීම ආරම්භ වේ. ( ඉරානය රුසියාව අඩු මිල ආයුධ භාවිතය සහ තාක්ෂණයේ සිදුරු හරහා සටන ගෙනයාම, ඒවා වැළැක්වීමට සහ ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව ප්‍රමුඛ අයට අධි තාක්ෂණික ක්‍රම සඳහා විශාල මුදලක් වියදම් වීම, ඇමරිකානු යුද උපකරණ සමාගම් ලාභ ලැබුවද දීර්ඝ කාලීන යුද්ධය සහ ඇමරිකන් ජාතිකයන්ගේ අභ්‍යන්තර විරෝධය නිසා රජයට ඇති පීඩනය විශාල ලෙස බලපායි) ඇමරිකාව ප්‍රමුඛ කණ්ඩායම යම් මට්ටමකට ආර්ථික පීඩනයක් එල්ල වන මොහොතේ චීනය හි අනුදැනුම මත රුසියාව යුක්රේනය ට කරන ප්‍රහාර තියුණු කිරීම සහ ඉරානය ගල්ෆ් රටවල් සහ ඊශ්‍රායලය ට එල්ල කරන ප්‍රහාර තියුණු කිරීම මගින් ඇමරිකානු පාර්ශවය ට දැඩි පීඩනයක...