AI bubble එක හා ශ්‍රී ලංකාව

 

🌐 • ලංකාව කොහොමද AI තරඟයෙන් වාසි ගන්නේ?  

💥 • ඇමරිකානු AI මොඩල වල මළගම?  

💰💻 • මුදල් දී ඇමරිකානු AI භාවිත කිරීම සහ නොමිලේ චීන AI මොඩල භාවිතය?


සමස්ත ලෝකයම මේ වෙද්දි කොටස් 2 කට බෙදිලා අවසන්, එහි නායකත්වය ගන්නා පාර්ශව දෙක ඇමරිකාව හා චීනය.


AI වලදී මේ බෙදීම පැහැදිලියි.


🇺🇸 1) ඇමරිකානු ප්‍රමුඛ බටහිර මොඩල - Anthropic, Open AI, Google, X, Meta වගේ සමාගම්.  

🇨🇳 2) චීන මොඩල - Deepseek, Kimi, Qwen


ඇමරිකානු මොඩල අති විශාල දත්ත ප්‍රමාණයක් විශාල මුදලක් විදුලිය දෘඩාංග භාවිත කරලා පවත්වාගෙන යනවා. ඔවුන් ගේ දක්ෂම මොඩල යම් මුදලක් ගෙවලා භාවිත කරන්න පුළුවන්.


චීනය එයින් ඉතා සුළු මුදලක් දෘඩාංග ප්‍රමාණයක් හා අඩු විදුලියක් වැය කරලා ඇමරිකානු සමාගම් වලට සමාන හෝ ඇතැම් අංශ වලින් ඊට වඩා දියුණු සේවාවක් නොමිළේම හෝ අතිශය අවම මිලකට ලබා දෙනවා.


❓ කොහොමද මෙහෙම වෙන්නේ?


ඇමරිකානු AI සමාගම් ආයෝජකයින් මත රැඳෙන විශාල ව්‍යාපාර, ඔවුන් භාවිත කරන්නේ සෑම විටම පළවෙනියා වීම, දත්ත ගොඩක් ඇති මාදිලිය වීම වගේ දේවල්. ඔවුන් තමයි මුලින්ම දේවල් හඳුන්වා දෙන්නේ, වැරදි වැරදි ඉගෙනගන්නෙ.


චීනය AI තරඟය ට ආවේ ඇමරිකාවට පස්සේ, ඉතින් ඔවුන් ඇමරිකාව කරන දේ දිහා බලාගෙන හරියන දේවල් විතරක් අරගෙන ඒවා තවත් දියුණු කරලා අඩු පිරිවැය ඉහළ ගුණාත්මක ප්‍රතිලාභ දෙන ක්‍රමවේදය කරගෙන යනවා. ( මුල් කාලයේ Apple සමාගම Android වලින් එන දේවල් අහුලගෙන ඊට වඩා දියුණු කරලා දුන්නා වගේ)


ඇමරිකානු මොඩල ඉක්මනින් විශාල වෙමින් දියුණු වෙන වේගවත් ගමනක් යනවා, නමුත් ඇමරිකානු AI සමාගම් මේ වෙද්දිත් විශාල ලෙස පාඩු ලබනවා. ආයෝජකයින් මුදල් ආයෝජනය කරන්නේ ලාභ ලැබීමට මිස තාක්ෂණයේ ප්‍රගමනයට නොවේ. දිගින් දිගටම පාඩු ලැබුවත් ලාභ ලබන බවක් පැහැදිලි අනාගතයේ පෙන්න නොලැබීමත් වෙන්න හේතු ව චීනය -


චීනයේ ප්‍රධාන AI ආයෝජකයා චීන රජය, චීන රජය ට පුළුවන් ඕනෑ තරම් මුදල් වියදම් කරන්න මොන විදිහේ පාඩුවක් උනත්. ඇමරිකාව ට ඒ වාසිය නැහැ.


ඇමරිකාව තුල සමාගම් අතර දත්ත හුවමාරු කරගැනීම ඉතාම මිල අධික දෙයක්, ඒ නිසා Google, open AI වගේ සමාගම් සහ අනෙක් සියලු සමාගම් වලට තමන් ගේ දත්ත එකතු කරගන්න හෝ වෙනත් සමාගම් වලින් පහසුවෙන් අරගන්න බැහැ( චීනයට සාපේක්ෂව). ඒ නිසා ඒ සමාගම් වලට අති විශාල මුදලක් වියදම් කරලා වෙනම Database පවත්වාගෙන යන්න වෙනවා සහ අලුතින් ම හදාගන්නත් වෙනවා අලුත් සමාගමකට.


නමුත් චීනය සතු සියලු දත්ත අයිති රජයට, ඕනෑම AI මොඩලයක් පුහුණු කරන්න රජය සතු AI සමාගම් වලට අති විශාල දත්ත ප්‍රමාණය නොමිළේම ලැබෙනවා.


ඇමරිකානු සමාගම් වලට ලාභ කෙසේ වෙතත් වියදම් සපුරා ගන්න තරම් වත් මිල වැඩි කරන්න බැරි වෙන්නේ මේ චීන මොඩල නොමිළේම ලැබෙන නිසා. ඔවුන් මිල ඉහළ දැම්මොත් පාරිභෝගිකයින් නිකන්ම චීනය දෙසට හැරෙනවා. හැබැයි මේ විදිහට දිගින් දිගටම පාඩු ලැබීම නිසා ආයෝජකයින් නැවත නැවත ආයෝජනය කිරීම අඩු වෙනවා, ඒ නිසා කොහොම ගියත් මේ පවතින විදිහට නම් ඇමෙරිකානු AI මොඩල තවත් විශාල කාලයක් ලෝකයේ ප්‍රධාන AI සමාගම් ලෙස පැවතීමේ සම්භාවිතාවය අතිශය අඩුයි.


මීට අමතරව ඇමරිකානු AI මොඩල සංවෘත වෙද්දී චීන මොඩල Open source වීමෙන් ( Linux වගේ, Linux මත Android, Web servers, Super computers තියෙනවා වගේ) ඉංජිනේරුවන් සංවර්ධකයින් තමන්ට අවශ්‍ය විදිහට ඒවා වෙනස් කරගෙන භාවිත කරනවා.


📉 ඉතින් නුදුරු අනාගතයේ දී මේ ඇමරිකානු AI වල විශාල පසුබෑමක්, එනම් AI bubble එකේ පුපුරා යෑම අද වන විට පෙන මාර්ගය ඔස්සේ ඉදිරියටත් ගමන් කරන්නේ නම් පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.


⚖️ මේ විශාල ඌරන් දෙදෙනා ( චීන ඇමරිකා) කැකුණ තලද්දි( AI රණ්ඩුවේ දී) හබන් කුකුළා ට ( අපි රටක් විදිහට) රජ මඟුල් ලු ( වාසි ගන්න පුළුවන්)


🇱🇰 කොහොමද :-


ලෝකය පුරා ආයෝජකයින් ආකර්ෂණය වෙන්නේ නිදහස් විවෘත පාලනයක් ( ඇමරිකානු) පවතී නම්.


චීන මොඩල නොමිලේ ලැබීම, customize කිරීමේ open source හැකියාව නිසා අපේ දත්ත ආරක්ෂා කරගෙන රට ඩිජිටල් කරණය අඩු මුදලක් වියදම් කරලා කරන්න පුළුවන් සහ දත්ත ශ්‍රී ලංකාවේ රඳවගන්න පුළුවන්.


අපි චීන AI මොඩල භාවිතය නිසා චීනයේ විශ්වාසය අපි ගැන ඇත.  

අපි ඇමරිකානු පාලන ක්‍රමය භාවිත කරන නිසා ඇමරිකානු විශ්වාසය අපට ඇත.


✅ අවසානයේ අපට රජ මඟුල් කෑ හැක....


~ Sethmina Weerasekara ~


💬 මේ ගැන ඔබේ අදහස ද පහළින් comment කරන්න.


---


#sethmina #Sethminaweerasekara

Comments

Popular posts from this blog

ආගම් ද නිවැරදි විද්‍යාවද ? - sethmina Weerasekara

Economics නොවන හිඟන හිත් - sethmina Weerasekara