මේ තුන්වෙනි ලෝක යුද්ධය ආරම්භය ද?


මේ දිනවල ඉරාන ලෙබනන් හා ඊශ්‍රායිල ඇමරිකානු යුද්ධය ගැන සහ එයින් ඇතිවන බොරතෙල් ප්‍රධාන වූ බලශක්ති අර්බුධයක් පිළිබඳව ඔබ දන්නවා නේ.


ඒ හැරුණු කොට ලෝකයට වෙන්න පුළුවන් දේවල් මොනවා ද?


ලෝකයේ විශාලම සොයා බෝංචි නිෂ්පාදකයා ඇමරිකාව - විශාලම පාරිභෝගිකයා චීනය

ලෝකයේ විශාලම හා දියුණුම තාක්ෂණය සතු බොරතෙල් නිෂ්පාදකයා ඇමරිකාව - පාරිභෝගිකයා චීනය


ලෝකයේ විශාලම දියුණුම reare earth materials (සිලිකන් චිප් නිපදවන EUV/DUV Lithography machine සඳහා භාවිතා වේ - උදා - Nvidia,Intel, Snapdragon, Mediatek ආදී chips හැදීමට භාවිතා වන නෙදර්ලන්තයේ ASML) කැණීම් කරන හා නිපදවන තාක්ෂණය සතු රට චීනය - විශාලම පාරිභෝගිකයා ඇමරිකාව


ලොව විශාලතම සහ කාර්යක්ෂම EV සහ Lithium-iron battery නිෂ්පාදකයා වෙද්දී ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඒ මත යැපෙන තත්ත්වයකට ඇවිල්ලා ඉවරයි.


ඉතින් මෙහෙමයි ඇමරිකාව හා චීනයත් ලෝකෙ අනෙකුත් රටවල් සියල්ලත් එකිනෙක සම්බන්ධ වෙන්නෙ. චීනය ට ඇමරිකාව නැතුවත් ඇමරිකාවට චීනය නැතුව වත් කොහොමටවත් රඳාපවතින්න බැහැ, ඒ දෙකම එක මත එක යැපෙනවා (තාමත්).


හරියට ගිරයක් වගේ, කොටස් දෙකම ඕන වැඩේ වෙන්න නම්.


මෙන්න මේ සම්බන්ධය නිසා මොන තරම් යුධ ගිණි ඇවිලුණත් ඇමරිකාව චීනයට හෝ චීනය විසින් ඇමරිකාව ට කිසිම හේතුවක් මත පහර දෙන්න යන්නේ නැහැ.


චීනයේ ශතවර්ෂ සැලසුම 2049(එක් තීරයක් එක් මාවතක්) දී ලෝක බලවතා වීම කියන එකට යුද්ධය කියන්නේ පසුබෑමක් නිසා චීනය කීයටවත් යුද්ධයකට සම්බන්ධ වෙන්නෙ නැහැ.


රුසියාවට යුක්රේනය සමග තියන යුද්ධය ඉවර කරගන්න බැරුව හිසරදයක් සහ ආර්ථික පාඩු ලබමින් ඉද්දී කොහොමවත් රුසියාව තවත් යුද්ධයකට ගිහිල්ලා සියදිවි හානි කරගන්න නැහැ. මැදපෙරදිග යුද්ධයක් තියන එකෙන් රුසියාවට තරම් වාසියක් කාටවත් නැහැ, ඔවුන්ගේ තෙල් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාම එක්ක වැඩි මිලකට විකුණලා යුද්ධය පවතින කාලයේ ඉහළ ආදායමක් ලබාගන්න ඔවුන්ට පුළුවන්. ඒ නිසා මේ යුද්ධයට මැදිහත් නොවී ඉන්න එක ඔවුන්ට අතිශය වාසිදායකයි.


ආසියානු කලාපයේ වේගයෙන් ඉදිරියට එන ඉන්දියාව ට කලාපය තුළ ආර්ථිකමය තර්ජනය වෙන්නේ චීනය, ඉන්දියාවේ අරමුණ 2030 වෙද්දී ලොව තෙවන විශාලතම ආර්ථික බලවතා වීමේ ඉලක්කයයි. (දැනට මිලදීගැනීම් හැකියාවෙන් ලොව තෙවන විශාලතම ආර්ථිකය හිමි උවත් දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව සිව්වෙනියා වේ)


පාකිස්තානය එක්ක එක්ක ඇතිවෙන්න ගිය යුධ ගැටුමත් සාර්ථකව වළක්වා ගත් ඉන්දියාව ට මේ වෙනකොට යුද්ධයකට යන්න කිසිම අරමුණක් නැහැ.


බ්‍රිතාන්‍ය නැත්නම් කලින් ලෝක බලවතා, දැන් යුරෝපයේ දුප්පතා, මේ වෙලාවේ යුද්ධයක් කරන්න තරම් ආර්ථික ශක්තියක් ඔවුන් සතුව නැහැ..


ඉතින් ලෝකය මේ වෙද්දී කොහොමටවත් ලෝක යුද්ධයකට සූදානම් නැහැ,


පෝලිමේ ඉඳලා අරගෙන ගියපු තෙල් ටික දිහා බලාගෙන සැනසෙන්න,

දැන් පෝලිමේ ඉන්නවා නම්, ඔය ළමයි දැන් ගෙදර යන්න 👍


~ සෙත්මිණ වීරසේකර ~


#sethminaweerasekara 

#sethmina 

#Geopolitics 

#economy 

#srilanka

Comments

Popular posts from this blog

ආගම් ද නිවැරදි විද්‍යාවද ? - sethmina Weerasekara

Economics නොවන හිඟන හිත් - sethmina Weerasekara

AI bubble එක හා ශ්‍රී ලංකාව