ලංකාවේ සිනමාව හරි බාලයි වගේ ද?
අපි හැමෝම ආසයි ඉහළ ගුණාත්මක සිනමාවක් ලංකාවේ දකින්න, කාලෙන් කාලෙට එළියට එන film කියනවා අපි මේ සිනමාව වෙනස් වෙන නිර්මාණයක් කළේ කියලා, හැබැයි ගිහිල්ලා බැලුවම ඇත්තටම එහෙම කියන තරම් දෙයක් නැහැ,ඇයි ඒ?
සිනමාව කියන්නේ ව්‍යාපාරයක්. ඔබ කැමති උනත් අකමැති උනත් ඒක එහෙමයි, කවුරුත් නිකන් රඟපාන්නේ වත් අනිත් වැඩ කරන්නේවත් නැහැ. එතකොට ලාභයක් අරමුණු කරගෙන තමයි කරන්නේ.
සිනමා නිෂ්පාදකයින් ට ලාභයක් ලැබුනොත් තමයි ඔවුන් කරන දේට වඩා තවත් ඉහළ ගුණාත්මක නිෂපාදනයක් කරන්නේ.
ඉතින් ලංකාවේ සිනමා නිර්මාණකරුවන්ට පාඩුයි ද ?
පාඩුවක් නැතත්,අපි බලාපරොත්තු වෙන විදිහේ ගුණාත්මක නිර්මාණයක් කරන්න තරම් මුදල් ඔවුන් ළඟා නැහැ.
ඇයි නැති වෙන්නේ ?
ලංකාවේ මිනිස්සු ගොඩක් film hall නොගිහින් screen copy හෝ වෙනත් නීත්‍යානුකූල නොවන විදිහට චිත්‍රපටි නරඹනවා, එතනින් සිනමා නිර්මාණකරුවාට ලැබෙන්න තියන ආදායම නැති වෙනවා. ( ඒක ක්ෂේත්රයක් නෙවෙයි fim hall එකේ පොප්කොන් විකුණන,පිරිසිදු කරන කෙනාගේ ඉඳන් නළු නිළියන් වේශ නිරූපණ කරන කෙනා, script ලියන්න මිලදී ගන්න A4 කොළය වෙනකල් බලපානවා - ඍජුව හා වක්‍රව)
තව ප්‍රශ්න -
ලංකාවේ කලා ක්ෂේත්රයට ඉහළ න්‍යායාත්මක දැනුමක් රජය හා අධ්‍යාපන පද්ධතියෙන් ලබා දෙනවා, හොඳ දෙයක් නමුත්, චිත්‍රපට නිෂ්පාදකයින්,සංගීත ශිල්පීන් ඇතුළු කළා කරුවන් කියන්නේ ඉතාම අස්ථාවර රැකියාවන්.
අඩුම තරමේ ඔවුන්ට බැංකු ණයක් ගන්නවාත් බැහැ, ඇයි ? ඔවුන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ, ඉතින් මේ හේතුව නිසා දක්ෂ මිනිස්සු කළා ක්ෂේත්රයට ආකර්ෂණය වෙන්නේ නැහැ.
අලුත් අදහස් නොමැති වීම -> ගුණාත්මක නිර්මාණ ඇති නොවීම -> පහළ ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂකයා අතරට නොයෑම සහ ඩිජිටල් copy නැරඹීම -> සිනමා නිෂ්පාදකයින් පාඩු ලැබීම හෝ ලැබෙන ආදායම ඉහළ ගුණාත්මක නිර්මාණ කිරීමට තරම් ප්‍රමාණවත් ආයෝජනයක් නොවීම...
ප්‍රේක්ෂකයා විදිහට අපි හොර කොපි බලන එක නතර කළ යුතු සේම, නිර්මාණකරුවන් ද තමන්ගේ පරණ ෆෝමියුලා වලින් බැහැර විය යුතුයි. හෝල් එකට එන ප්‍රේක්ෂකයාට ගෙවන මුදලට සරිලන උපරිම අත්දැකීමක් ලබා දෙන්න නිෂ්පාදකයෝ අසමත් වීමත් මේ බිඳවැටීමට සහ එකම චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක වීමට තවත් එක හේතුවක්.
~ සෙත්මිණ වීරසේකර ~
#sethminaweerasekara #sethmina

Comments
Post a Comment