ලංකාවේ සිනමාව හරි බාලයි වගේ ද? අපි හැමෝම ආසයි ඉහළ ගුණාත්මක සිනමාවක් ලංකාවේ දකින්න, කාලෙන් කාලෙට එළියට එන film කියනවා අපි මේ සිනමාව වෙනස් වෙන නිර්මාණයක් කළේ කියලා, හැබැයි ගිහිල්ලා බැලුවම ඇත්තටම එහෙම කියන තරම් දෙයක් නැහැ,ඇයි ඒ? සිනමාව කියන්නේ ව්‍යාපාරයක්. ඔබ කැමති උනත් අකමැති උනත් ඒක එහෙමයි, කවුරුත් නිකන් රඟපාන්නේ වත් අනිත් වැඩ කරන්නේවත් නැහැ. එතකොට ලාභයක් අරමුණු කරගෙන තමයි කරන්නේ. සිනමා නිෂ්පාදකයින් ට ලාභයක් ලැබුනොත් තමයි ඔවුන් කරන දේට වඩා තවත් ඉහළ ගුණාත්මක නිෂපාදනයක් කරන්නේ. ඉතින් ලංකාවේ සිනමා නිර්මාණකරුවන්ට පාඩුයි ද ? පාඩුවක් නැතත්,අපි බලාපරොත්තු වෙන විදිහේ ගුණාත්මක නිර්මාණයක් කරන්න තරම් මුදල් ඔවුන් ළඟා නැහැ. ඇයි නැති වෙන්නේ ? ලංකාවේ මිනිස්සු ගොඩක් film hall නොගිහින් screen copy හෝ වෙනත් නීත්‍යානුකූල නොවන විදිහට චිත්‍රපටි නරඹනවා, එතනින් සිනමා නිර්මාණකරුවාට ලැබෙන්න තියන ආදායම නැති වෙනවා. ( ඒක ක්ෂේත්‍රයක් නෙවෙයි fim hall එකේ පොප්කොන් විකුණන,පිරිසිදු කරන කෙනාගේ ඉඳන් නළු නිළියන් වේශ නිරූපණ කරන කෙනා, script ලියන්න මිලදී ගන්න A4 කොළය වෙනකල් බලපානවා - ඍජුව හා වක්‍රව) තව ප්‍රශ්න -...