AI bubble එක හා ශ්‍රී ලංකාව
🌐 • ලංකාව කොහොමද AI තරඟයෙන් වාසි ගන්නේ? 💥 • ඇමරිකානු AI මොඩල වල මළගම? 💰💻 • මුදල් දී ඇමරිකානු AI භාවිත කිරීම සහ නොමිලේ චීන AI මොඩල භාවිතය? සමස්ත ලෝකයම මේ වෙද්දි කොටස් 2 කට බෙදිලා අවසන්, එහි නායකත්වය ගන්නා පාර්ශව දෙක ඇමරිකාව හා චීනය. AI වලදී මේ බෙදීම පැහැදිලියි. 🇺🇸 1) ඇමරිකානු ප්රමුඛ බටහිර මොඩල - Anthropic, Open AI, Google, X, Meta වගේ සමාගම්. 🇨🇳 2) චීන මොඩල - Deepseek, Kimi, Qwen ඇමරිකානු මොඩල අති විශාල දත්ත ප්‍රමාණයක් විශාල මුදලක් විදුලිය දෘඩාංග භාවිත කරලා පවත්වාගෙන යනවා. ඔවුන් ගේ දක්ෂම මොඩල යම් මුදලක් ගෙවලා භාවිත කරන්න පුළුවන්. චීනය එයින් ඉතා සුළු මුදලක් දෘඩාංග ප්‍රමාණයක් හා අඩු විදුලියක් වැය කරලා ඇමරිකානු සමාගම් වලට සමාන හෝ ඇතැම් අංශ වලින් ඊට වඩා දියුණු සේවාවක් නොමිළේම හෝ අතිශය අවම මිලකට ලබා දෙනවා. ❓ කොහොමද මෙහෙම වෙන්නේ? ඇමරිකානු AI සමාගම් ආයෝජකයින් මත රැඳෙන විශාල ව්‍යාපාර, ඔවුන් භාවිත කරන්නේ සෑම විටම පළවෙනියා වීම, දත්ත ගොඩක් ඇති මාදිලිය වීම වගේ දේවල්. ඔවුන් තමයි මුලින්ම දේවල් හඳුන්වා දෙන්නේ, වැරදි වැරදි ඉගෙනගන්නෙ. චීනය AI තරඟය ට ආවේ...