Posts

AI bubble එක හා ශ්‍රී ලංකාව

Image
  🌐 • ලංකාව කොහොමද AI තරඟයෙන් වාසි ගන්නේ?   💥 • ඇමරිකානු AI මොඩල වල මළගම?   💰💻 • මුදල් දී ඇමරිකානු AI භාවිත කිරීම සහ නොමිලේ චීන AI මොඩල භාවිතය? සමස්ත ලෝකයම මේ වෙද්දි කොටස් 2 කට බෙදිලා අවසන්, එහි නායකත්වය ගන්නා පාර්ශව දෙක ඇමරිකාව හා චීනය. AI වලදී මේ බෙදීම පැහැදිලියි. 🇺🇸 1) ඇමරිකානු ප්‍රමුඛ බටහිර මොඩල - Anthropic, Open AI, Google, X, Meta වගේ සමාගම්.   🇨🇳 2) චීන මොඩල - Deepseek, Kimi, Qwen ඇමරිකානු මොඩල අති විශාල දත්ත ප්‍රමාණයක් විශාල මුදලක් විදුලිය දෘඩාංග භාවිත කරලා පවත්වාගෙන යනවා. ඔවුන් ගේ දක්ෂම මොඩල යම් මුදලක් ගෙවලා භාවිත කරන්න පුළුවන්. චීනය එයින් ඉතා සුළු මුදලක් දෘඩාංග ප්‍රමාණයක් හා අඩු විදුලියක් වැය කරලා ඇමරිකානු සමාගම් වලට සමාන හෝ ඇතැම් අංශ වලින් ඊට වඩා දියුණු සේවාවක් නොමිළේම හෝ අතිශය අවම මිලකට ලබා දෙනවා. ❓ කොහොමද මෙහෙම වෙන්නේ? ඇමරිකානු AI සමාගම් ආයෝජකයින් මත රැඳෙන විශාල ව්‍යාපාර, ඔවුන් භාවිත කරන්නේ සෑම විටම පළවෙනියා වීම, දත්ත ගොඩක් ඇති මාදිලිය වීම වගේ දේවල්. ඔවුන් තමයි මුලින්ම දේවල් හඳුන්වා දෙන්නේ, වැරදි වැරදි ඉගෙනගන්නෙ. චීනය AI තරඟය ට ආවේ...

අග රැඳී පිනි

Image
  අග රැඳි පිනි  සග රැඳි ගිනි මග රැඳි මෙනි රග රැඳි මුනි ~ සෙත්මිණ වීරසේකර ~

තුන්වෙනි ලෝක යුද්ධය හා ශ්‍රී ලංකාව

Image
තුන්වෙනි ලෝක යුද්ධය හා ශ්‍රී ලංකාව ඉරාන - ඊශ්‍රයිල සහ ඇමරිකානු යුද්ධය ආරම්භ වීම එක්ක තෙවැනි ලෝක යුද්ධයක් ගැන කතා බහක් ලෝකය පුරා මේ වෙද්දිත් ඇතිවෙලා තියෙනවා. නමුත් මේ යුද්ධය තෙවැනි ලෝක යුද්ධය වෙනවා වෙනුවට සිද්දි දාමයක මුල් පුරුක ලෙස හඳුන්වන්න පුළුවන්. ඉරාන යුද්ධය සහ යුක්‍රේන යුද්ධය අවසන් නොවී බොහෝ කාලයක් ඇදෙන ඒවා බව මේ වන විටත් පැහැදිලි ය. ඉරානය සහ යුක්‍රේන යුද්ධය බොහෝ කාලයක් පවතිද්දී ඇමරිකාව නේටෝ රටවල් සහ ඊශ්‍රායලය ආර්ථිකමය වශයෙන් දියාරු වීම ආරම්භ වේ. ( ඉරානය රුසියාව අඩු මිල ආයුධ භාවිතය සහ තාක්ෂණයේ සිදුරු හරහා සටන ගෙනයාම, ඒවා වැළැක්වීමට සහ ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව ප්‍රමුඛ අයට අධි තාක්ෂණික ක්‍රම සඳහා විශාල මුදලක් වියදම් වීම, ඇමරිකානු යුද උපකරණ සමාගම් ලාභ ලැබුවද දීර්ඝ කාලීන යුද්ධය සහ ඇමරිකන් ජාතිකයන්ගේ අභ්‍යන්තර විරෝධය නිසා රජයට ඇති පීඩනය විශාල ලෙස බලපායි) ඇමරිකාව ප්‍රමුඛ කණ්ඩායම යම් මට්ටමකට ආර්ථික පීඩනයක් එල්ල වන මොහොතේ චීනය හි අනුදැනුම මත රුසියාව යුක්රේනය ට කරන ප්‍රහාර තියුණු කිරීම සහ ඉරානය ගල්ෆ් රටවල් සහ ඊශ්‍රායලය ට එල්ල කරන ප්‍රහාර තියුණු කිරීම මගින් ඇමරිකානු පාර්ශවය ට දැඩි පීඩනයක...
Image
  ලංකාවේ සිනමාව හරි බාලයි වගේ ද? අපි හැමෝම ආසයි ඉහළ ගුණාත්මක සිනමාවක් ලංකාවේ දකින්න, කාලෙන් කාලෙට එළියට එන film කියනවා අපි මේ සිනමාව වෙනස් වෙන නිර්මාණයක් කළේ කියලා, හැබැයි ගිහිල්ලා බැලුවම ඇත්තටම එහෙම කියන තරම් දෙයක් නැහැ,ඇයි ඒ? සිනමාව කියන්නේ ව්‍යාපාරයක්. ඔබ කැමති උනත් අකමැති උනත් ඒක එහෙමයි, කවුරුත් නිකන් රඟපාන්නේ වත් අනිත් වැඩ කරන්නේවත් නැහැ. එතකොට ලාභයක් අරමුණු කරගෙන තමයි කරන්නේ. සිනමා නිෂ්පාදකයින් ට ලාභයක් ලැබුනොත් තමයි ඔවුන් කරන දේට වඩා තවත් ඉහළ ගුණාත්මක නිෂපාදනයක් කරන්නේ.  ඉතින් ලංකාවේ සිනමා නිර්මාණකරුවන්ට පාඩුයි ද ? පාඩුවක් නැතත්,අපි බලාපරොත්තු වෙන විදිහේ ගුණාත්මක නිර්මාණයක් කරන්න තරම් මුදල් ඔවුන් ළඟා නැහැ. ඇයි නැති වෙන්නේ ? ලංකාවේ මිනිස්සු ගොඩක් film hall නොගිහින් screen copy හෝ වෙනත් නීත්‍යානුකූල නොවන විදිහට චිත්‍රපටි නරඹනවා, එතනින් සිනමා නිර්මාණකරුවාට ලැබෙන්න තියන ආදායම නැති වෙනවා. ( ඒක ක්ෂේත්‍රයක් නෙවෙයි fim hall එකේ පොප්කොන් විකුණන,පිරිසිදු කරන කෙනාගේ ඉඳන් නළු නිළියන් වේශ නිරූපණ කරන කෙනා, script ලියන්න මිලදී ගන්න A4 කොළය වෙනකල් බලපානවා - ඍජුව හා වක්‍රව) තව ප්‍රශ්න -...
Image
මේ තුන්වෙනි ලෝක යුද්ධය ආරම්භය ද? මේ දිනවල ඉරාන ලෙබනන් හා ඊශ්‍රායිල ඇමරිකානු යුද්ධය ගැන සහ එයින් ඇතිවන බොරතෙල් ප්‍රධාන වූ බලශක්ති අර්බුධයක් පිළිබඳව ඔබ දන්නවා නේ. ඒ හැරුණු කොට ලෝකයට වෙන්න පුළුවන් දේවල් මොනවා ද? ලෝකයේ විශාලම සොයා බෝංචි නිෂ්පාදකයා ඇමරිකාව - විශාලම පාරිභෝගිකයා චීනය ලෝකයේ විශාලම හා දියුණුම තාක්ෂණය සතු බොරතෙල් නිෂ්පාදකයා ඇමරිකාව - පාරිභෝගිකයා චීනය ලෝකයේ විශාලම දියුණුම reare earth materials (සිලිකන් චිප් නිපදවන EUV/DUV Lithography machine සඳහා භාවිතා වේ - උදා - Nvidia,Intel, Snapdragon, Mediatek ආදී chips හැදීමට භාවිතා වන නෙදර්ලන්තයේ ASML) කැණීම් කරන හා නිපදවන තාක්ෂණය සතු රට චීනය - විශාලම පාරිභෝගිකයා ඇමරිකාව ලොව විශාලතම සහ කාර්යක්ෂම EV සහ Lithium-iron battery නිෂ්පාදකයා වෙද්දී ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඒ මත යැපෙන තත්ත්වයකට ඇවිල්ලා ඉවරයි. ඉතින් මෙහෙමයි ඇමරිකාව හා චීනයත් ලෝකෙ අනෙකුත් රටවල් සියල්ලත් එකිනෙක සම්බන්ධ වෙන්නෙ. චීනය ට ඇමරිකාව නැතුවත් ඇමරිකාවට චීනය නැතුව වත් කොහොමටවත් රඳාපවතින්න බැහැ, ඒ දෙකම එක මත එක යැපෙනවා (තාමත්). හරියට ගිරයක් වගේ, කොටස් දෙකම ඕන වැඩේ වෙන්න නම්. මෙන්...

ආගම් ද නිවැරදි විද්‍යාවද ? - sethmina Weerasekara

Image
  ආගම් ද නිවැරදි? විද්‍යාව ද? විද්‍යාවෙන් අද වෙද්දී වඩාත්ම පිළිගත හැකි න්‍යාය අපි විශ්වාස කරනවා. ඒත් තව කාලෙකින් ඒ න්‍යාය අසම්පූර්ණ බව හෙළිවෙන්න පුළුවන්. හරියට මුලින් “පරමාණුව නියතයි, ඊට වඩා පදාර්ථය බෙදලා වෙන් කරන්න බැහැ” කියලා හිතපු එක, ඊට කලෙකට පස්සේ උප පරමාණුක අංශු හොයාගත්තා වගේ… විද්‍යාවේදී, සිදුවීමක් පැහැදිලි කරන්න theory එකක් ඉදිරිපත් කරනවා. ඒක සනාථ කරන්න සාක්ෂි හොයාගන්නවා. ඒ අනුව ඒක පිළිගන්නවා. තව කාලෙකින්, ඒ සිදුවීමම වඩා හොඳට පැහැදිලි කරන තවත් theory එකක් එනවා. ඒකට කලින් එකට වඩා ගැලපෙන සාක්ෂි ලැබෙනවා. එතකොට ඒක පිළිගන්නවා. හරියට මූලික භෞතික විද්‍යාව, සාපේක්ෂතාවාදය වගේ න්‍යායන් සමහර සන්දර්භ වලදී සීමිත වෙන්නේ වගේ… ඒ නිසා විද්‍යාව කියන්නේ අවසානයක් නැති, නිරන්තරයෙන් update වෙන  දෙයක්. අද ඇත්ත කියලා හිතන දේ හෙට ඇත්තක් නොවෙන්න පුළුවන්... ආගම් කියන්නේ බොහෝ විට එක් සුවිශේෂ පුද්ගලයෙකු ලෝකය දැක්ක ආකාරය වටා ගොඩනැගුණු දර්ශනයක්. විද්‍යාව නම් කාලෙන් කාලෙට එකතු වුණු විශාල මිනිස් ප්‍රමාණයක සොයාගැනීම්. වෙනස තමයි, ආගම update වෙන්නේ නැහැ. ඒ සුවිශේෂ පුද්ගලයා දැන් නැ...

Economics නොවන හිඟන හිත් - sethmina Weerasekara

Image
 Economics නොවන හිඟන හිත් බදු කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් අරගන්න දෙයක්. බදු ආදායම් වැඩි උනා කියන්නේ ජීවන බර වැඩි වෙලා කියන එක. පොතක නිෂ්පාදන වියදම+වෙනත් වියදම්+ලාභය = රු100 නම්, ඒකට 18%ක tax එක එක්ක සම්පූර්ණ මිල = 118යි. එතකොට වැඩි උන රුපියල් 18 ගෙව්වේ ව්‍යාපාරිකයා ද, නැහැ පාරිභෝගිකයා. 1) බදු ගහලා ගන්න සල්ලි පාවිච්චි කරන්නේ මොනවටද? සරලවම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය,අස්වැසුම, පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර නඩත්තුවට. අධ්‍යාපනය,සෞඛ්ය,ප්‍රවාහනය වගේ දේවල් රජයෙන් දෙන ඒක හොඳයි,ඒත් පෞද්ගලික ව්‍යාපාර සුලභ නැති නිසා රජයේ මේ වගේ ව්‍යාපාරවලට තරඟකරයෙක් නැහැ. එතකොට මිනිස්සුන්ට තෝරාගැනීමක් නැහැ. තිබ්බත් තෝරාගැනීම් කීපයයි. එතකොට සේවාව මොන විදිහේ එකක් උනත් ඒක තෝරාගන්න වෙනවා. 2) අස්වැසුම දෙන්න ඕනද? දෙන්න ඕන, ඒත් විදිහ මේකද?  මිනිස්සුන්ට පිනට දෙන්නේ ඇයි,එක මනුස්සයෙක් මහන්සි වෙලා උපයන සල්ලි වලින් නිකන් ඉන්න, මහන්සි නොවන රැකියාවක් නොකරන කෙනෙක්ව තමන්ගේ මුදලින් බලාගන්න ඕනද?  සෑම මධ්‍යම පාන්තික පවුලක් දෙකක්ම උපයන මුදලින් නොදැනුවත්ව බදු හරහා තව පවුලක් නඩත්තු කරනවා... අස්වැසුම දෙන්න ඕන නිකන් ඉන...