Economics නොවන හිඟන හිත් - sethmina Weerasekara


 Economics නොවන හිඟන හිත්


බදු කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් අරගන්න දෙයක්. බදු ආදායම් වැඩි උනා කියන්නේ ජීවන බර වැඩි වෙලා කියන එක. පොතක නිෂ්පාදන වියදම+වෙනත් වියදම්+ලාභය = රු100 නම්, ඒකට 18%ක tax එක එක්ක සම්පූර්ණ මිල = 118යි.


එතකොට වැඩි උන රුපියල් 18 ගෙව්වේ ව්‍යාපාරිකයා ද, නැහැ පාරිභෝගිකයා.


1) බදු ගහලා ගන්න සල්ලි පාවිච්චි කරන්නේ මොනවටද?


සරලවම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය,අස්වැසුම, පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර නඩත්තුවට.


අධ්‍යාපනය,සෞඛ්ය,ප්‍රවාහනය වගේ දේවල් රජයෙන් දෙන ඒක හොඳයි,ඒත් පෞද්ගලික ව්‍යාපාර සුලභ නැති නිසා රජයේ මේ වගේ ව්‍යාපාරවලට තරඟකරයෙක් නැහැ. එතකොට මිනිස්සුන්ට තෝරාගැනීමක් නැහැ. තිබ්බත් තෝරාගැනීම් කීපයයි. එතකොට සේවාව මොන විදිහේ එකක් උනත් ඒක තෝරාගන්න වෙනවා.


2) අස්වැසුම දෙන්න ඕනද?


දෙන්න ඕන, ඒත් විදිහ මේකද? 

මිනිස්සුන්ට පිනට දෙන්නේ ඇයි,එක මනුස්සයෙක් මහන්සි වෙලා උපයන සල්ලි වලින් නිකන් ඉන්න, මහන්සි නොවන රැකියාවක් නොකරන කෙනෙක්ව තමන්ගේ මුදලින් බලාගන්න ඕනද? 

සෑම මධ්‍යම පාන්තික පවුලක් දෙකක්ම උපයන මුදලින් නොදැනුවත්ව බදු හරහා තව පවුලක් නඩත්තු කරනවා...


අස්වැසුම දෙන්න ඕන නිකන් ඉන්න අයට ද, රැකියාවක් කරන කෙනෙක්ට අස්වැසුම දෙන්නේ නැහැ, රැකියාවකට ගියොත් නවත්තනවා. 


මනුස්සයෙක් අස්වැසුම මදි කියලා ඊට වඩා උපයන්න කුලී වැඩක් කරන්න තීරණය කරා කියලා හිතමු, එතනදී අනතුරක් වෙලා ඒ මනුස්සයා එක්තැන් වෙනවා, එතකොට ඒ මනුස්සයා අවදානමක් ගන්න බයයි, වෙන්නේ අස්වැසුම අරගෙන නිකන් ඉන්න එක. එකද වෙන්න ඕන?


ඇයි රජයට බැරි, වෘතීය පුහුණුවට යන කෙනෙක්ට විතරක් පුහුණුව ඉවර වෙලා යම් කාලයක් යනකල් විතරක් අස්වැසුම දෙන්න.


වඩු කාර්මිකයෙක් විදිහට පුහුණුව ලබන කෙනෙක්ට පුහුණු කාලය වසරයි නම් ඒ කාලය ඇතුලත අස්වැසුම වගේ දෙයක් දීලා පුහුණුව දෙන්න පුළුවන් නේ, ඊට පස්සේ පුහුණුව ඉවර උනාම වඩු මැෂින් එකක් ගන්න පොලී රහිත ණය දෙන්න පුළුවන්,පුහුණුව ඉවර වෙලා අවුරුද්දක් ඇතුළත එයාට දෙන ආධාර නවත්තන්න පුළුවන්. එකත් එකපාරම නෙවෙයි. 


රු12000ක් ආධාර දුන්නා නම්, 12000,11000 විදිහට අඩු වෙලා අවසාන මාසෙදි 1000ක් වෙලා නතර කරන්න පුළුවන්. එතකොට ඒ මනුස්සයා ස්ථාවරයි,රටටත් බරක් නෙවෙයි රටේ ආර්ථිකයටත් දායක වෙනවා...


අවුරුදු 5ක වගේ කාලයක් දෙනවා ගත්ත ණය ගෙවන්න..


3) මොකුත් නිකන් දෙන්න ඕන නැද්ද?


දෙන්න ඕන. රෝගී දීමනා, ගැබිණි මාතාවන් ට සෞඛ්‍ය පහසුකම්, ඒ දේවල් නිකන් දෙන්න ඕන. ඒ දේවල් රටක සුභසාධනයට අත්‍යවශ්‍යයි. 


4) අස්වැසුම නවත්තන්න පුළුවන් ද?


ඔව්, නිකන් ඉන්න අයට පිනට දෙන්න රටේ ධනය උත්පාදනය කරන මිනිස්සු බැඳිලා නැහැ. අස්වැසුම නවත්තන්න ඕන. එකපාර නෙවෙයි, කලින් යෝජනා කළා වගේ ප්‍රායෝගිකව හා ක්‍රමවත්ව.


5) අස්වැසුම නතර කලොත් මොනවද ලැබෙන්නේ?


අස්වැසුම නතර කලොත් 18% VAT එක 15%ට වගේ අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ කලින් 118ක් දීලා ගත්ත පොත රු115කට ගන්න පුළුවන්.


6) රජය සල්ලි විසි කරන කළු කුහර වහලා දැම්මොත්?


ශ්‍රී ලංකන් එයලයින් වසරක පාඩුව සාමාන්‍යයෙන් බිලියන 100ක්, දුම්රිය දෙපාර්තේන්තුවේ පාඩුව බිලියන 50ක්,ලංගම බිලියන 10ක්, විදුලි බල මණ්ඩලය බිලියන 100ක්.


මේවා වෙනුවෙන් මිනිස්සු මහන්සිවෙලා උපයන මුදල් කඹුරන්නේ නැත්නම්, VAT එක 4%කින් විතර අඩු කරන්න පුළුවන්.


ඒ කියන්නේ අර පොත ගන්න ගෙවන්න ඕන රු114.


අස්වසුමත් නවත්තලා මේ උඩ කියපු ආයතන ටික විතරක් පෞද්ගලික කරණය කළා නම්, රු118 පොත රු112කට වගේ ගන්න පුළුවන්.


හිතන්න තව කිසිම වැඩකට නැති රාජ්‍ය ආයතන කොච්චර තියෙනවා ද. ඔබ උපයන මුදල් කොච්චර නම් විනාස වෙලා ද?


රටේ හොරකම් වෙලා තියෙනවා, ඒත් හොරකම් වලට වඩා මේ විකාර දේවල් වලට වියදම් උන මුදල් කොච්චරක් ද?


ඔබ උපයන මුදලින් නඩත්තු වෙන්නේ ඔබව හෝ ඔබ වියදම් කරන අයව නෙවෙයි, ඔබ දැකලවත් නැති නිකන්ම ඉන්න මිනිස්සු සහ කවදාවත් ලාබ ලබන්න බැරි වැඩකට නැති රජයේ ආයතන.


7) රජය ව්‍යාපාර කරන්න එපා නම් මොනවද කරන්න ඕන?


ආණ්ඩුව ඉන්නේ කජු විකුණන්නවත්, දේශීය දුඹූරු සීනි ගොවියා රකින්නවත් නෙවෙයි, ආන්ඩුවක් ඕන නීතිය හා සාධාරණත්වය පවත්වාගෙන යන්න, මහජන ආරක්ෂාව ලබාදෙන්න, ලෝකය වෙනස් වෙද්දී ඊට ගැලපෙන ප්රතිපත්ති හදන්න....


කරන්න ඕන මේ දේවල් ඇරෙන්න අනිත් හැමදේම ලංකාවේ රජය කරනවා.


මොන පක්ෂය දිනුවත් මේවා මෙහෙම ම වෙනවා, මේවා නතර කරන්නේ නැහැ. කරොත් දේශපාලනිකව වාසි නැහැ.


අනිත් එක ලංකාවේ ඉන්නේ පුරවැසියෝ නෙවෙයි. පාක්ෂිකයෝ. රටට කලින් පක්ෂය දිහා බලන අය...


ඉතින්, මගේ මතය මම ලිව්වේ... 


~ සෙත්මිණ වීරසේකර ~


#sethminaweerasekara #sethmina

Comments

Popular posts from this blog

ආගම් ද නිවැරදි විද්‍යාවද ? - sethmina Weerasekara

AI bubble එක හා ශ්‍රී ලංකාව