ආගම් ද නිවැරදි විද්‍යාවද ? - sethmina Weerasekara


 

ආගම් ද නිවැරදි? විද්‍යාව ද?

විද්‍යාවෙන් අද වෙද්දී වඩාත්ම පිළිගත හැකි න්‍යාය අපි විශ්වාස කරනවා.
ඒත් තව කාලෙකින් ඒ න්‍යාය අසම්පූර්ණ බව හෙළිවෙන්න පුළුවන්.

හරියට මුලින්
“පරමාණුව නියතයි, ඊට වඩා පදාර්ථය බෙදලා වෙන් කරන්න බැහැ” කියලා හිතපු එක,
ඊට කලෙකට පස්සේ උප පරමාණුක අංශු හොයාගත්තා වගේ…

විද්‍යාවේදී, සිදුවීමක් පැහැදිලි කරන්න theory එකක් ඉදිරිපත් කරනවා.
ඒක සනාථ කරන්න සාක්ෂි හොයාගන්නවා.
ඒ අනුව ඒක පිළිගන්නවා.
තව කාලෙකින්, ඒ සිදුවීමම වඩා හොඳට පැහැදිලි කරන තවත් theory එකක් එනවා.
ඒකට කලින් එකට වඩා ගැලපෙන සාක්ෂි ලැබෙනවා.
එතකොට ඒක පිළිගන්නවා.
හරියට මූලික භෞතික විද්‍යාව, සාපේක්ෂතාවාදය වගේ න්‍යායන්
සමහර සන්දර්භ වලදී සීමිත වෙන්නේ වගේ…

ඒ නිසා විද්‍යාව කියන්නේ
අවසානයක් නැති, නිරන්තරයෙන් update වෙන  දෙයක්. අද ඇත්ත කියලා හිතන දේ හෙට ඇත්තක් නොවෙන්න පුළුවන්...

ආගම් කියන්නේ බොහෝ විට
එක් සුවිශේෂ පුද්ගලයෙකු ලෝකය දැක්ක ආකාරය වටා
ගොඩනැගුණු දර්ශනයක්.

විද්‍යාව නම්
කාලෙන් කාලෙට එකතු වුණු
විශාල මිනිස් ප්‍රමාණයක සොයාගැනීම්.

වෙනස තමයි,
ආගම update වෙන්නේ නැහැ.
ඒ සුවිශේෂ පුද්ගලයා දැන් නැහැ.

ඒත් වෙනස් නොවෙන නිසා
කැමති නම් ඒක “පරම සත්‍යය” කියලා විශ්වාස කරන්න පුළුවන්.
කැමති නම්…

පොඩි කාලේ “රහස් කෝච්චිය” කරා මතකද?

මුල් කෙනා කියපු රහස,
විනාඩි කිහිපයකින් අවසාන කෙනාට එන්නේ
වෙනස්ම එකක් විදිහට.

එතකොට අවුරුදු සිය ගණන් පරණ ආගම්?

කාලයත් එක්ක, මිනිස්සුත් එක්ක,
විවිධ වාසියට ඒවා විවරණ වෙලා.

අද තියෙන්නේ
ඒ කාලයේ සත්‍යයට
විවිධ කාලීන අර්ථකථන.

ඒ නිසා,
ආගමික න්‍යායන් ඔස්සේ ලෝකය බලන ඔබට
👉 ආගම් නිවැරදියි.

විද්‍යාත්මක න්‍යායන් ඔස්සේ ලෝකය බලන ඔබට
👉 විද්‍යාව නිවැරදියි.

අවසානයේ,
ලෝකයේ සිදුවීම් කියන්නේ
ඔබ ඒවා දකින ආකාරය මත රඳා පවතින දේවල්.

ඒ නිසා
ආගමද, විද්‍යාවද
👉 ඒක ඔබේ තීරණය.

~ සෙත්මිණ වීරසේකර ~

#sethminaweerasekara #sethmina
#science #religion

Comments

Popular posts from this blog

Economics නොවන හිඟන හිත් - sethmina Weerasekara

AI bubble එක හා ශ්‍රී ලංකාව