තුන්වෙනි ලෝක යුද්ධය හා ශ්‍රී ලංකාව
තුන්වෙනි ලෝක යුද්ධය හා ශ්‍රී ලංකාව
ඉරාන - ඊශ්‍රයිල සහ ඇමරිකානු යුද්ධය ආරම්භ වීම එක්ක තෙවැනි ලෝක යුද්ධයක් ගැන කතා
බහක් ලෝකය පුරා මේ වෙද්දිත් ඇතිවෙලා තියෙනවා.
නමුත් මේ යුද්ධය තෙවැනි ලෝක යුද්ධය වෙනවා වෙනුවට සිද්දි දාමයක මුල් පුරුක ලෙස
හඳුන්වන්න පුළුවන්.
ඉරාන යුද්ධය සහ යුක්රේන යුද්ධය අවසන් නොවී බොහෝ කාලයක් ඇදෙන ඒවා බව මේ වන විටත්
පැහැදිලි ය.
ඉරානය සහ යුක්රේන යුද්ධය බොහෝ කාලයක් පවතිද්දී ඇමරිකාව නේටෝ රටවල් සහ ඊශ්‍රායලය
ආර්ථිකමය වශයෙන් දියාරු වීම ආරම්භ වේ. ( ඉරානය රුසියාව අඩු මිල ආයුධ භාවිතය
සහ තාක්ෂණයේ සිදුරු හරහා සටන ගෙනයාම, ඒවා වැළැක්වීමට සහ ප්‍රහාර එල්ල කිරීමට
ඇමරිකාව ප්රමුඛ අයට අධි තාක්ෂණික ක්‍රම සඳහා විශාල මුදලක් වියදම් වීම,
ඇමරිකානු යුද උපකරණ සමාගම් ලාභ ලැබුවද දීර්ඝ කාලීන යුද්ධය සහ ඇමරිකන්
ජාතිකයන්ගේ අභ්‍යන්තර විරෝධය නිසා රජයට ඇති පීඩනය විශාල ලෙස බලපායි)
ඇමරිකාව ප්රමුඛ කණ්ඩායම යම් මට්ටමකට ආර්ථික පීඩනයක් එල්ල වන මොහොතේ චීනය හි
අනුදැනුම මත රුසියාව යුක්රේනය ට කරන ප්‍රහාර තියුණු කිරීම සහ ඉරානය
ගල්ෆ් රටවල් සහ ඊශ්‍රායලය ට එල්ල කරන ප්‍රහාර තියුණු කිරීම මගින් ඇමරිකානු
පාර්ශවය ට දැඩි පීඩනයක් එල්ල කරයි.
චීනය බලා සිටි ස්වර්ණමය අවස්ථාව ඔවුන්ට උදා වේ.( ස්වර්ණමය යනු චීනයට මිස ලෝකයට
නොවේ) එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට චීනය තායිවානය ආක්‍රමණය කිරීම
ආරම්භ කරයි. ( දැනට ඇමරිකානු බුද්ධි අංශ කියන පරිදි වසර කිහිපයකින් තායිවානය
ආක්‍රමණය ට චීනය රහසේ සැලසුම් හා පුහුණුවීම් කරමින් සිටී,මුල් පියවර ලෙස යුධ
අභ්‍යාස සහ සයිබර් ප්‍රහාර එල්ල කරයි)
තායිවානය බේරාගැනීම ට ඇමරිකානු හමුදාව සහ දකුණු කොරියාවේ යුද ශක්තිය භාවිතා කිරීම
වැළැක්වීම සඳහා චීන සහාය මත උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ට ප්‍රහාර එල්ල
කරයි.(මුල් අදියර දී කුඩා ප්‍රහාර වුවත් යුද්ධය වර්ධනයේ දී කොරියානු අර්ධද්වීපය ද
තීරණාත්මක සාධකයක් වේ) එම නිසා තායිවානය බේරාගැනීම වෙනුවට ඔවුන් ට ඔවුන්ගේ රට
බේරාගැනීමේ මෙහෙයුමක සිරවීමට සිදු වේ.
ජපාන ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ජාත්‍යන්තර ආරවුල් විසඳීම සඳහා යුද්ධය හෝ බලය
භාවිතා කිරීම සදාකාලිකවම ප්‍රතික්ෂේප කර ඇත. නමුත් තම මුහුදු මාර්ගයේ ඇති
තායිවානය සම්බන්ධයෙන් ඔවුන් විශේෂ ප්‍රතිපත්තියක් අනුගමනය
කරයි.(තායිවානය චීනය අතට පත්වුවහොත් ජපානයට තෙල් සහ ආහාර එන මුහුදු
මාර්ගය චීනයට නතුවන බව ජපානය දනී. තායිවානය ට ප්‍රහාරය ජපානයට ඍජු තර්ජනයක් සේ
ඔවුන් සලකනයි) ජපානය චීනය සමග යුද්ධයට පැටලෙනු ඇත
පැහැදිලිවම ලෝකය මේ වන විට කඳවුරු දෙකකට බෙදී අවසන් ය.
1 - ඇමරිකාව, නේටෝ, දකුණු කොරියාව, තායිවානය, ජපානය 2 - චීනය, රුසියාව, උතුරු
කොරියාව,ඉරානය
ඉන්දියාව ඍජුව යුද්ධයට සම්බන්ධ නොවී ආරක්ෂා වීමට උත්සාහ කළ ද පාර්ශව දෙකම balance
කරගෙන ඔවුන් යන ගමන එක් තැනකදී බිඳවැටේ, ගිරය ට හසු වූ පුවක් ගෙඩියක් වගේ
ඉන්දියාව දෙපසින්ම බැට කන තත්ත්වයට පත් වේ.
මේ ලෝක යුද්ධය සමග ඉරානය විසින් සමුද්‍ර සන්ධි ඍජුව සහ තම ප්‍රොක්සි කණ්ඩායම්(
හුතී,හිස්බුල්ලා වැනි)
තෙල් ආහාර ඇතුළු ලෝක ආර්ථික අර්බුදය නිසා ඉන්දියාව අභ්‍යන්තර ගැටුම් ඇති පොර
පිටියක් බවට පත් වේ. ( හින්දු ඉස්ලාම් ගැටුම් ආදිය)
එම නිසා ඇමරිකානු පාර්ශවයට ඉන්දියානු සහාය අවශ්‍ය වුවද ඉන්දියාව කොටස් වලට කැඩීම
වළක්වා ගැනීමට ඔවුන් අභ්‍යන්තර සටනක සිර වේ. ( පාකිස්තානය සම්බන්ධ වූයේ නම්
තත්ත්වය දරුණු විය හැක)
මේ අර්බුද හමුවේ ශ්‍රී ලංකාව, ඔබේ අදහස comment කරන්න.
( මේ තෙවන ලෝක යුද්ධය ගැන දැනට ඉහළම සම්භාවිතාවක් ඇති ආකාරයකි. විශ්ලේෂණ මත පදනම්
වූ විග්‍රහයක් මිස අනාවැකියක් නොවන බව කරුණාවෙන් සලකන්න. එම නිසා මෙම
විග්‍රහය
යුධ විශ්ලේෂණයක් ලෙස පමණක් සලකන්න)
~ සෙත්මිණ වීරසේකර ~
#Sethminaweerasekara #Sethmina

Comments
Post a Comment